ජපන් භාෂාවෙන් හොකෙන්ෂිත්සු යනුවෙන් නම් කරන්නේ කුමක්ද

ජපානයේ  සියලුම දෙනා සමග ඉගෙනුම් ලබන  ‘පන්තිකාමරය’ , ක්යෝෂිත්සු  යනුවෙන් හඳුන්වනු ලබනවා.

ජපානයේ පාසල්වල පන්තිකාමරවලට අමතරව,  වෙනත් විවිධ විශේෂ කාමර නම් කර තිබෙනවා.

 ගුරුවරු නිතරම රැඳී සිටින ගුරු විවේකාගාරය, “ෂොකුඉන්ෂිත්සු”  නමින් හඳුන්වනවා.

 පොත්පත් රාශියක් තැන්පත් කර ඇති පුස්තකාලය, “තොෂොකන්”  යනුවෙන් හඳුන්වනවා.

  “ඔන්ගකුෂිත්සු” එනම්  සංගීතකාමරය වාද්‍යය භාණ්ඩ වාදනය කිරීමටත් ගීත ගායනා කිරීමටත් භාවිතා කරනවා.

 චිත්‍ර ඇඳීමත්,  විවිධ නිර්මාණ සෑදීමටත්,කලා සහ අත්කම් කාමරය එනම් “සුකෝෂිත්සු” වෙත යනවා.

 මෙලෙස නිර්මාණ සැකසීම සඳහා අවශ්‍ය විවිධ උපකරණ මෙහි තබා තිබෙනවා.

 අද දින හොකෙන්ෂිත්සු එනම් සුවපියස  ගැන කතා කරනවා.

 පාසලේදී වැටී තුවාල සිදුවූ අවස්ථාවලදී ද , හිසරදය හෝ බඩේ වේදනාවක් ඇති වූ අවස්ථාවලදී ද , සුවපියස වෙත ගෙන යනු ලබනවා.

පාසල් හෙදිය නිතරම සුව පියසේ රැඳී සිටිනවා.

පාසල් හෙදිය නිතරම ළමුන්ට කාරුණිකව සවන්දීමට සූදානම්ව සිටිනවා.

පාසල් සුවපියසේ ප්ලාස්ටර් ද  වෙළුම්පටි ද  බෙහෙත් ආදිය තබා තිබෙනවා.

 ශාරීරික උෂ්ණත්වමානය ද,  ශරීරයේ උස, බර මැනීමට අවශ්‍ය උපකරණ ද තබා තිබෙනවා.

 විවේක ගැනීමට ඇදක් ද තබා තිබෙනවා.

 පාසල් දරුවෙකුගේ ශාරීරික තත්ත්වය අයහපත් අවස්ථාවකදී ඇඳ මත විවේක ගැනීමට හැකියාව තිබෙනවා.

 ශාරීරික තත්ත්වය නැවත යහපත් වූ පසුව  තමන්ගේ පන්තිකාමරය වෙතට රැගෙන යනවා.

 දරුවාගේ ශාරීරික තත්ත්වය අයහපත්වම පවතී නම් එම දරුවාව දරුවාගේ  නිවස වෙත රැගෙන යනවා.

කෙසේ වෙතත් දරුවාගේ ශාරීරික තත්ත්වය ඉතාමත් අයහපත් අවස්ථාවලදී පාසල් හෙදිය සමග රෝහල වෙත රැගෙන යනු ලබනවා.

 පාසල් හෙදිය නිතරම දරුවාගේ සුවපහසුව පිළිබඳව සැලකිලිමත් වෙමින් කටයුතු කරනවා.

 පාසල් හෙදියන් දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව විශේෂඥවරුන් වේ.

සාමාන්‍යයෙන් පාසලේ දී කරදරයක් සිදුවූ අවස්ථාවලදී ද යම් මානසිකව අපහසුතාවන් ඇති අවස්ථාවලදී ද පාසල් හෙදිය සමඟ සාකච්ඡා කිරීම් වඩා යහපත් වේ.

よかったらシェアしてね!
  • URLをコピーしました!
  • URLをコピーしました!
目次
閉じる