ජපානයේ ප්‍රාථමික පාසල් සිසුන්ගේ අධ්‍යයන කටයුතු වසරක් තුල සිදුවන ආකාරය

ජපානයේ සියලුම ප්‍රාථමික පාසල් අප්‍රේල් මාසයේ සිට නව පාසල් වාරය ආරම්භ කරනු ලබයි. අප්‍රේල් මාසයේදී  නව පාසලට ඇතුලත් වීමේ දිනයේ සිට  ජුනි මාසයේ ගිම්හාන නිවාඩුව දක්වා කාලය පළමු පාසල් වාරය යැයි නම් කරනු ලබයි.අප්‍රේල් මාසයේදී 「නව පාසලට ඇතුළත් වීමේ උත්සවය」 සහ සියලුම ළමුන්ගේ 「ශාරීරික තත්ත්වය පරීක්ෂා කිරීම」 සිදුකරනු ලබයි.  ශාරීරික තත්ත්වය පරික්ෂා කිරීමේදී ශරීරයේ උස බර සහ පෙනීම ඇසීම ආදිය ද පරික්ෂා කරනු ලබයි.

මැයි මාසයේදී වසන්ත සෘතුවේ  විනෝද චාරිකාව පවත්වනු ලබයි. සියළුම ළමුන් විනෝද චාරිකාව සඳහා දහවල් ආහාරය ගෙන යනු ලබයි. මෙම දහවල් ආහාරය පාසලෙන් ලබා නොදෙන අතර එය තම නිවසින් සාදාගෙන පැමිණිය යුතුයි.තවද සියලුම ළමුන්ගේ 「නිවෙස් පරීක්ෂාව」 ද සිදු කරනු ලබයි. 「නිවෙස්  පරීක්ෂාව」 යනු පන්තිභාර ගුරුවරිය එක් එක් ළමුන්ගේ නිවසට ගොස්,  එම දරුවා නිවසේ  දී ගත කරන ආකාරය විමසා බැලීමත්, තවද පාසලේ දී ගත කරන ආකාරය දෙමාපියන්ට දන්වා සිටීමත් සිදු කරනු ලැබීම වේ.

ජුනි මාසයේ සිට 「පිහිනුම් පාඩම්」 එනම් පිහිනීමට ඉගැන්වීම් සිදු කරනු ලබයි.

මෙම 「පිහිනුම් පාඩම්」 නොපවත්වන  ප්‍රාථමික පාසල් ද තිබේ.

ජූලි මාසයේ අවසාන සති කිහිපයේ 「ගිම්හාන නිවාඩුව」 ආරම්භ කරයි. ගිම්හාන නිවාඩුව අතරතුර ඉගෙනීම් කටයුතු නොපවත්වයි.  ගිම්හාන  නිවාඩුව අතරතුරදී සම්පූර්ණ කිරීමට ළමුන් හට ගෙදර වැඩ පවරනු ලබයි.

සැප්තැම්බර් මාසයේ ඉගෙනුම් කටයුතු  ආරම්භ වන දින සිට දෙසැම්බර් මාසයේ ශීත සෘතුවේ නිවාඩුව  ආරම්භ වන දිනය දක්වා වන ඉගෙනුම් කාලය,  දෙවන පාසල් වාරය යනුවෙන් නම් කරනු ලබයි. සැප්තැම්බර් මාසයේදී 「ඉගෙනුම් කටයුතු  ආරම්භ වන උත්සවය」 සහ  නැවතත් සියලුම ළමුන්ගේ 「ශාරීරික තත්ත්වය පරීක්ෂා කිරීම」 සිදුකරනු ලබයි.

 ඔක්තෝම්බර්  මාසයේදී 「ක්‍රීඩා උළෙල」 පවත්වනු ලබයි. 

ක්‍රීඩා උත්සවය නැරඹීම  සඳහා ළමුන්ගේ දෙමාපියන් ද පැමිණෙනු ලබයි.නොවැම්බර් මාසයේදී 「සංස්කෘතික උත්සවය」 පවත්වනු ලබයි. 

මෙම උත්සවය ඇතැම් පාසල්වල 「ඉගෙනුම් ප්‍රදර්ශනය」 යනුවෙන් ද නම්  කරනු ලබයි. 

දෙසැම්බර් මාසයේදී 「මැරතන් තරගාවලිය」 පවත්වනු ලබයි. 

 තවද දෙසැම්බර්  මාසයේ අවසාන සති කිහිපයේදී 「ශීත සෘතුවේ නිවාඩුව」 ආරම්භ කරනු ලබයි.

ජනවාරි මාසයේදී ශීත සෘතුවේ නිවාඩුව අවසන් වී, අධ්‍යයන කටයුතු ආරම්භක උත්සවය පවත්වනු ලබයි.

 ජනවාරි මාසයේ අධ්‍යන කටයුතු ආරම්භක දිනයේ සිට මාර්තු මාසයේ අධ්‍යයන කටයුතු අවසන් වන දිනය දක්වා කාලය තුන්වන පාසල් වාරය යනුවෙන් නම් කරනු ලබයි.

මාර්තු  මාසයේ දී ප්‍රාථමික පාසල් හයවන වසරේ සිසුන් වෙනුවෙන් 「ප්‍රාථමික පාසල් සමත්වීමේ උත්සවය」පවත්වනු ලබයි.

 පළමු වසර සිසුන්ගේ සිට  පස්වන වසර සිසුන් වෙනුවෙන් 「අධ්‍යන කටයුතු අවසාන උත්සවය」  පවත්වනු ලබයි.

 වසරක අධ්‍යයන කටයුතු අවසන් කරන දින සිට වසන්ත  සෘතුවේ  නිවාඩුව ආරම්භ වේ.

よかったらシェアしてね!
  • URLをコピーしました!
  • URLをコピーしました!
目次
閉じる